BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ඩෙංගු අධිඅවදානම් කලාප මෙන්න: දිස්ත්‍රික්ක 14ක් අනතුරේ - ඔබේ ප්‍රදේශය සුරක්ෂිත ද?
දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව ඩෙංගු අවදානම වැඩි ම පළාත බස්නාහිර පළාත ලෙස නම් කර ඇති අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ ම ග්‍රාම නිලධාරී වසම් රැසක් ඊට අයත් වේ.
අපේක්ෂා රෝහලේ රෝගීන්ට තැඹිලි ලබා දීම නතර කර තිබේ ද? ඉදිරියේදී පරිත්‍යාග ලබා දිය යුත්තේ කොහොම ද?
මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර පුද්ගලයන් විසින් කලක් තිස්සේ කරගෙන ගිය තැඹිලි ලබා දීමේ වැඩසටහන් අවලංගු කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ වෙනුවට එලෙස ලබා දෙන පරිත්‍යාග රෝහල වෙත ලබා දී රෝගීන් වෙත සෞඛ්‍යාරක්ෂිතව ලබා දීමට කටයුතු කරන ලෙස අපේක්ෂා රෝහල් පාලනාධිකාරිය ඉල්ලීමක් කර ඇත.
චමරි අතපත්තු: 'මගේ අන්තිම අවස්ථාවත් නැති වුණා වගේ දැනෙනවා'
"මම හිතන්නේ මම මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කළ යුතුව තිබුණා, අද මම මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කළා නම්, අපට අද තරගය ජය ගන්න තිබුණා. ඉතින්, මම ඒ ගැන කනගාටු වෙනවා. විශේෂයෙන් මම කාටවත් දොස් කියන්න කැමති නැහැ."
ඥානසාර හිමිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි: මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 9ක සිර දඬුවම සහ රුපියල් 1,500ක දඩය කොළඹ මහාධිකරණය අඟහරුවාදා (ජූනි 23) තහවුරු කළේ ය.
දුර්වල එල් නිනෝ තත්ත්වය මධ්‍යයේ ඉදිරි දින කිහිපයේදී සිදුවෙන කාලගුණයේ වෙනස්කම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත පැවසුවේ පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් හෙට (ජුනි 23) දිනයේ බලාපොරොත්තු විය හැකි නමුත් ඉන් පසුව නැවතත් ජුනි 24, 25 සහ 26 යන දිනයන් වලදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවෙනු ඇති බවය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
නිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක්
ඔබත් සූර්ය බලශක්ති පද්ධතියක් නිවසේ හෝ ඔබේ ආයතන පරිශ්‍රය තුළ සවි කිරීමට අදහස් කරයි නම්; එහිදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
2026 පළමු මාස 6 අවසන් වීමට පෙර ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි: ඩෙංගු වේගයෙන් ව්‍යාප්ත වීමට බලපා ඇති හේතුව කුමක් ද?
කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ පාරිසරික ගැටළු සහ මේ වසර මුල සිට මේ දක්වා කඩින් කඩ ඇතිවූ වර්ෂාපතනය මදුරු ගහණය ඉහළ යාමට හේතුවක් වූ බව වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ ය.
චෙම්මනි සමූහ මීනී වළ උතුරෙන් හමුවූ විශාල ම සමූහ මිනී වළ බවට පත්වේ
මේ දක්වා මිනිස් සිරුරු 351 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම හරහා චෙම්මනි සමූහ මීනීවළ උතුරු පළාතෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලම සමූහ මීනීවළ බවට පත්ව තිබේ.
එල්-නිනෝ : ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර වලට ඇති කරන බලපෑම
මෙම එල්නිනෝ තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ පසුගිය (10 වැනිදා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පරිසර අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය වැනි රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ලෝක ආහාර වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර අයතනවල නියෝජිතයෝ ද සහභාගි වූහ.
ප්‍රමිතියෙන් යුතු සුරැකුම් නිවාසයක් හඳුනාගන්නේ කෙසේ ද?
කිසියම් පවුලක සාමාජිකයෙකු වැඩිහිටි නිවාසයකට භාර දීමට පෙර එම පුද්ගලයාගේ භාරකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම්ගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, යම් සුරැකුම් නිවාසයක් නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ ද? යන්න හඳුනාගැනීම සඳහා කරුණු කිහිපයක් පරීක්ෂා කළ යුතු බව ය.



















































