BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
නාමල්ගේ ඇප නියෝගය සූදානම් කර ගැනීමට නොහැකි වූ බව මහේස්ත්රාත් දැනුම් දෙයි: ජානකී සිරිවර්ධනට නියෝගයක් දෙයි
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ඔක්තෝබර් 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේ ය. ඒ, එම නඩුව අද (ඔක්: 16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.
රුමේෂ් වගේ විසි කරන්න: හෙල්ල විසි කිරීමේ සුවිශේෂී ජයග්රහණ පිටුපස ඇති තාක්ෂණය සහ දත්ත
ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ 2026 ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 88.5ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තේ ය. වසර පහක් තුළ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව මීටර් 68.33 සිට මීටර් 92.62 දක්වා වර්ධනය කරගත් ඔහුගේ ක්රීඩා ගමන සහ ජාත්යන්තර මට්ටමේ ඔහුගේ දක්ෂතා මෙම ලිපියෙන් විමසා බැලේ.
කෘත්රිම බුද්ධිය සාතන්ගේ මෙවලමක් ද? AI යනු ක්රිස්තු ධර්මයට එරෙහි මෙවලමක් බවට ඇතැමුන් විශ්වාස කරන්නේ ඇයි?
"ලෝකයේ අවසාන කාලයේදී කෘත්රිම බුද්ධිය කැපී පෙනෙන කාර්යයක් කරන්න යි යන්නේ," මේවා කෘත්රිම බුද්ධිය මගින් මානව වර්ගයාට ළඟදී ම තර්ජනයක් එල්ල වන බවට අනතුරු අඟවන තවත් තාක්ෂණික විශේෂඥයෙකුගේ වචන නොවේ. එම අදහස් පළ කළේ ඇට්ලන්ටා පදනම් කර ගත්, ඉහළ බලපෑමක් ඇති දේවගැතිවරයෙකු වන පිලිප් ඇන්තනි මිචෙල් විසින් ය. "අවසාන කාලය" යන්නෙන් ඔහු අදහස් කරන්නේ, ලෝක අවසානය යි. මිචෙල්ගේ අනාවැකියෙන් වසරකටත් වැඩි කාලයකට පසු, අද වන විට TikTok සහ පොඩ්කාස්ට් සිට ප්රකාශන ක්ෂේත්රය දක්වා වූ විවිධ වේදිකාවල සිටින ප්රකට ක්රිස්තියානි භක්තිකයෝ බොහෝ දෙනෙක්, කෘත්රිම බුද්ධිය ලෝක විනාශයට හේතුකාරකයක් විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටිති.
සිපගැනීමකින් සිෆිලිස් බෝවෙන්නේ නැද්ද? බොහෝ දෙනෙක් නොදන්නා 'ගුප්ත රෝගයේ' ඇත්ත නැත්ත
2021 වසරට පෙර ශ්රී ලංකාවෙන් වසරකට වාර්තා වූයේ, සිෆිලිස් රෝගීන් 100කටත් වඩා අඩු සංඛ්යාවකි. නමුත් විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය පෙන්වා දෙන පරිදි, වර්තමානය වන විට එම සංඛ්යාව වසරකට 1,500ක් දක්වා ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.
යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප්, මිල දී ගත් ඉඩම්, බැංකු ගිණුම් පිළිබඳ විස්තර අධිකරණයේදී දිගහැරුණු හැටි
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ වසර 10කට අසන්න කාල සීමාව තුළ වැටුප් වශයෙන් රුපියල් 5,159,626ක මුදලක් ලබාගෙන ඇතැයි ශ්රී ලංකා නාවික හමුදාවේ වැටුප් හා දීමනා අංශයේ සේවය කළ කපිතාන් නුවන් තුෂාර අරන්දර අද (ඔක්. 15) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 730කට අධික මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන ප්රදේශවල ඉඩම් කට්ටි පහක් මිල දී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකරු මේ බව පැවසීය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නව නීති දැන් ක්රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
ශිෂ්ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?



















































