එල් නිනෝ: 'බය වෙන්න හෝ බය වෙන්න එපා කියන්න පුළුවන් දත්තයක් නෑ'
එල් නිනෝ: 'බය වෙන්න හෝ බය වෙන්න එපා කියන්න පුළුවන් දත්තයක් නෑ'
Published
එල් නිනෝ තත්ත්වය නිසා මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවල ශ්‍රී ලංකාවේ වියළි කාලගුණයක් සහ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.
එමෙන් ම එල් නිනෝ තත්ත්වයේ බලපෑම වසරක් පමණ පැවතිය හැකි බව ද එහි බලපෑම නිසා ආහාර සුරක්ෂිතතාවයට මෙන් ම ජල විදුලිය උත්පාදනයට ඇති කළ හැකි බලපෑම ගැන ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.









