22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

කතානායක ජගත් වික්‍රමරත්න

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායක වෙෙද්‍ය ජගත් වික්‍රමරත්න අද (සැප්: 22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, අදාළ සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව ය.

සිංහල පරිවර්තනයට සංශෝධනයක්

කතානායකවරයා දැනුම් දුන් පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 2 වන වගන්තියේ සඳහන් '67ට එළඹෙන යන දිනය' යන්න වෙනුවට '67 සම්පූර්ණ කළ දිනය' ලෙස වෙනස් කිරීමට නියම කර තිබේ.

මේ අතර, විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු ධූරයේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද එහි සඳහන් වන බව කතානායකවරයා දන්වා සිටියේ ය.

මේ අතර, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගැනීම ප්‍රමාණවත් බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව සැප්තැම්බර් 02 වන දා නියෝග කළේ ය.