සමූහ දූෂකයන් සොයා දිල්ලි පොලිස් මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

ඉන්දියාවේ දිල්ලි නුවර දී විදෙස් කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සොයා දිල්ලි පොලිසිය මෙහෙයුම් දියත් කර තිබේ.

මේ වන විට දෙදෙනෙකු අත්අඩංගුවේ පසු වන අතර සමූහ දූෂණයට ලක් වූ ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගෙන් පැහැර ගෙන තිබූ බඩුබාහිරාදිය ඔවුන් ළඟ තිබී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පනස් එක් හැවිරිදි මෙම විදෙස් කාන්තාව පසුගිය අඟහරුවාදා, පිහියක් පෙන්වා දූෂණය කර ඇත්තේ මඟ වැරදී සිටිය දී.

පසුගිය වසරේ දිල්ලි නුවර දී ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් වීමෙන් අනතුරුව ස්ත්‍රී දූෂණයට එරෙහි ඉන්දීය නීතිය තවත් දැඩි කෙරුණි.