BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්ෂේපයි: වසර 2ක සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය බ්‍රහස්පතින්දා (ජූනි 11) ප්‍රතික්ෂේප කළේ ය.
මැද පෙරදිග පුරා එක්සත් ජනපදය සහ ඉරානය අතර අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රහාර
දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කර තිබේ. ටෙහෙරානය ඊට ප්‍රතිචාර වශයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඇත.
ඔබ පාපන්දු නැරඹීමට අලුත් ප්‍රේක්ෂකයෙකු නම් ලෝක කුසලානයට පෙර දැන ගත යුතු කරුණු
වසර 100කට ආසන්න වූ කාලයකට දිවයන ලෝක කුසලාන ඉතිහාසය තුළ ප්‍රථමවරට මෙවර තරගාවලිය රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වේ. එම රටවල් වන්නේ මෙක්සිකෝව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යි.
T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: පළමු ජාත්‍යන්තර තරගයේදී ම දක්ෂතම ක්‍රීඩිකා සම්මානය දිනූ මල්කි
පල්ලේ කංකානමගේ මල්කි මදාරා 2000 වසරේ දෙසැම්බර් 30 වන දා අකුරැස්සේදී උපත ලැබුවේ, ඩී.කේ. චන්ද්‍රදාස සහ එස්.ඩබ්ලිව්. චන්ද්‍රා යුවළගේ බාල ම දරුවා ලෙසිනි. ඇයට වැඩිමල් සොයුරෙක් සහ සොයුරියක් සිටිති ස්ථීර රැකියාවක් නොමැති මව්පිය යුවළ පස් දෙනෙකුගෙන් සමන්විත පවුල පෝෂණය කළේ, එදිනෙදා ලැබෙන කුලී වැඩවල නිරත වෙමිනි.
වීඩියෝ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සුරේෂ් සලේ සම්බන්ධයෙන් අනාවරණය කළ කරුණු මොනවා ද? , ධාවන කාලය 20,53
හිටපු යුද හමුදා බුද්ධි අධ්යක්ෂ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුකිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ හා යුක්තිසහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල (ජුනි 10) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.
මන්ත්‍රිනී සංසදයේ රැස්වීම පිළිබඳව බීබීසී සිංහල පළ කළ ලිපිය ගැන පා. මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී පැවසුවේ කුමක් ද?
පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියේ 'විමර්ශන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට' ජූනි 5 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කැඳවා තිබූ රැස්වීමේ තොරතුරු පාදක කරගනිමින් බීබීසී සිංහල පසුගිය ජූනි 8 වන දා පළ කළ ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර අද (ජූනි 10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Exclusive: ප්‍රමාදයට හේතු සොයා සාගරිකා දුම්රියෙන් බෙලිඅත්තේ සිට කොළඹ කොටුවට බීබීසීය ගිය ගමන
ප්‍රමාදයන් ගැන නිතර අසන්නට ලැබෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදය නිසා මගීන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා ගැන සොයා බැලීම සඳහා මැයි (25 වැනි සඳුදා) බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රියෙන් අපි කොළඹ කොටුව දක්වා පැමිණියෙමු.
ශ්‍රී මහ බෝධියේ වැලි මළුවේ ටෙරාකොටා ඇතිරීම: 'ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණි ම වෘක්ෂය අවදානමක'
ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී ලංකාවට ජාතික උරුමයක් වශයෙන් ද වැදගත් වන අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වටා කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධියේ ජීවයට බලපෑම් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.
ඉන්ධන අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ප්‍රමාණවත් ද? සෙසු රටවල් ගෙන ඇති පියවර මොනවා ද?
අනිසි ලෙස ඉන්ධන රැස් කිරීම වැළැක්වීම, පරිභෝජනය අඩු කිරීම සහ ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා රජය ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට, පෙර පැවති QR කේත ක්‍රමය යළිත් ආරම්භ කළ අතර, ඊට අමතරව වාහන අංක අනුව ඔත්තේ - ඉරට්ටේ දින අනුව ඉන්ධන ලබා දීමට කටයුතු කළේ ය. තවමත් එම ක්‍රමවේද ක්‍රියාත්මක වුව ද ඒවා නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන අවස්ථා පිළිබඳව ද නිරන්තරයෙන් වාර්තා වේ.
වසර ගණනකට පසු කරළියට ආ ජාතික කලාභවනේ සිතුවම් 42ක් අතුරුදන් වීමේ සිද්ධිය: දැන් සිදුවන්නේ කුමක් ද?
දශකයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබෙන ජාතික කලාභවන සතු පෞරාණික චිත්‍ර කිහිපයක් අතුරුදන්ව ඇතැයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අනාවරණය කළේ ය. ජාතික කලාභවන සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මැයි 21 වන දා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඒ බව පැවසීය.
වාහන අධිභාරය ගැන ජනපතිගේ ගැසට් පත්‍රය නිකුත් වීමට පෙර ව්‍යාපාරිකයින් අතට තොරතුරු ලැබුණා ද?
මැයි 15 වන දා, එනම්, අධිභාරය ක්‍රියාත්මක වීමට පෙර දින වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බව නිරෝෂන් පාදුක්ක පැවසීය. ඔහු චෝදනා කළේ, වාහන ආනයනකරුවන් දෙදෙනෙකු ණයවර ලිපි 3500ක් සහ 500ක් බැගින් විවෘත කර ඇති බව වාර්තා වන බව ය. ඒ අනුව, එම ව්‍යාපාරිකයින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර බද්ද සම්බන්ධ තොරතුරු ලබා දීමෙන් අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීමක් සිදු කර ඇති බවට ඔහු චෝදනා කළේ ය.




















































