ඔබ ජීවත් වන කාලය දැනගමු

Life Expectancy

ලෝකය පුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙමින් පවතී. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර 25කට ඉහත දී උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වේ.

පහත ගණකයේ ඔබේ දත්ත ඇතුළත් කළ පසු, ඔබේ රටේ, සම වයසේ පසුවන කාන්තාවක හෝ පුරුෂයෙකුගේ ආයු කාලය මෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන කාලය ද දැනගත හැකිය.

ලොව සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය උපතේ සිට අවුරුදු 72 කි. පුරුෂයෙක් වසර 70 ක් සහ කාන්තාවක් වසර 75 ක් දක්වා ජීවත් විය හැකිය. නමුත්, මෙය වයස අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, අවුරුදු 69 ක පුද්ගලයෙක් තවත් වසර 17 ක් පමණ ජීවත් විය හැක.

අපේක්ෂිත ආයු කාලය පෙන්වන ගණකය ඔබේ උපාංගයෙහි නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේනම්, මෙතැනින් යළි පිවිසෙන්න

අපේක්ෂිත ආයු කාලය ඔබේ වයස අනුව වෙනස් වන්නේ කෙසේද?

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට අනුව අපේක්ෂිත ආයු කාලය ගණනය කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත 'ද ග්ලෝබල් බර්ඩ්න් ඔෆ් ඩිසීස්' (The Global Burden of Disease) ආයතනය විසින් අපේක්ෂිත ආයු කාලය මනිනු ලබන්නේ යම් රටක විවිධ වයස්වල සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතය ද සැලකිල්ලට ගනිමිනි.

අපේක්ෂිත ආයු කාලය එක් එක් පුද්ගලයාගේ වයස අනුව වෙනස් වන අතර පුද්ගලයෙකු ජීවත් වීමට අපේක්ෂා කරන කාලය මෙහිදී ගණනය කරනු ලැබේ.

උදාහරණයක් ලෙස 2016 දී මෙක්සිකෝවේ ඉපදුණ ගැහැණු ළමයෙකු වයස 79ක් දක්වා ජීවත් වනු ඇත. කෙසේ වෙතත්, 2016 වර්ෂයේදී වයස 65ක කාන්තාවක් අවුරුදු 84 දක්වා ජීවත් වේ. ඇය ඒ වන විටත් වයස 65ක් ජීවත්ව සිටි නිසා ඇයගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වන අතර තවත් වසර විස්සක් පමණ ජීවත් වීමට ඉඩ ඇත.

අපේක්ෂිත ආයු කාලය මනින ගණකය නිර්මාණය වූයේ කෙසේද?

මෑතකදී (2016) එළිදක්වන ලද දත්ත උපයෝගී කරගෙන මෙම ගණකය නිර්මාණය කර තිබේ.

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට පදනම්ව යමෙකු ජීවත්වීමට අපේක්ෂා කෙරෙන වසර ගණන අපේක්ෂිත ආයු කාලය නම් වේ. 'ඔබගේ ජීවිතයේ ඉතිරි කාලයෙන් කොපමණ කලක් සෞඛ්‍ය සම්පන්නව සිටීද?' යන්න පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන වසර සංඛ්‍යාව සමග ගණනය කර, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි වසරවල‍ ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. අවසාන ප්‍රතිපලය නිකුත් කරන්නේ පුද්ගලයෙකුගේ ඉතිරි ජීවිත කාලය තුළ මරණයට පත් වීමේ හෝ ආබාධිත තත්වයට පත් වීමේ ප්‍රවනතාව ද සැලකිල්ලට ගෙනය.

ඒ අනුව, කිසියම් අපේක්ෂිත විද්‍යාත්මක දියුණුකිරීම් හෝ වෛද්‍ය ප්‍රතිකාරවල වැඩි වර්ධන මෙහිදී අවධානයට ලක් කර නැත.

මූලාශ්‍රය: Global Burden of Disease Study 2016, සම්බන්ධීකරණය කරන ලද්දේ සෞඛ්‍ය දත්ත සහ ඇගයීම් ආයතනය

මෙම ගණකය නිර්මාණය කරන ලද්දේ ටොම් කැල්වර්, නස්සොස් ස්ටයිලිනෝ, බෙකී ඩේල්, නික් ට්‍රිග්ල්, රැන්සම් ම්පිනි, ප්‍රීනා ෂා, ජෝ රීඩ් සහ එලිනෝ කීන් විසිනි.

මේ තොරතුරුද කියවන්න:

කෙටි වීඩියෝ

  • ඉන්දුනීසියාවේ දුම්රිය ගැටීමෙන් සිරවූවන් මුදාගැනීමට දැඩි මෙහෙයුම්
  • මනාලියන් සහ මනාලයන් පිරිසක් පේළි දෙකකට සිටින අතර කොට් එකක් පැළඳි මනාලයෙකු රෝස පාට මල් වැටුණු අත්දිග ගවුමක් ඇඳ සිටින මනාලියගේ ෆොටෝ එකක් ගන්නා ආකාරය පෙනේ.
  • පොළොන්නරුව, තිස්සපුර ප්‍රදේශයේදී පාර මාරු වෙමින් සිටි අඩි 12ක් පමණ දිග පිඹුරෙකු කැමරාවක සටහන් වූ අයුරු මෙහි දැක්වේ.
  • උත්සව ශාලාවක වැඩි වී සිටින පුද්ගලයෙකු ගැරප්පුවකින් යමක් ආහාරයට ගන්නා බව පෙනෙන අතර ශාලාව අඳුරේ පවතී.
  • ගස්වලට ඉහලින් වළාකුළු පුනීලයක හැඩයට අඳුරු පැහැයෙන් පෙනේ.
  • කිලෝ ග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය සමග භික්ෂූන් විසි දෙදෙකක් අත්අඩංගුවට
  • තාර පාරක අයිනේ කළු පාට ගවයෙක් බිම වැටි සිටින අතර තවත් කළු පාට ගවයෙකු හා මිනිසුන් දෙදෙනෙකු ඒ අසල සිටී.
  • සුදු ටී ෂර්ට් එකක් සහ කළු දිග කලිසමක් ඇඳ සිටින අයෙකු හෙල්මට් එකක් දාගෙන ඉන්න කන්ත්වකට පිස්තෝලයක් පෙන්වන අයුරු පෙනේ.
  • පුටුවක වාඩි වී සිටින කෝට එකක් ඇඳගත් පුද්ගලයෙකුව තවත් පුද්ගලයෙකු විසින් එසවීමට උත්සාහ කරන ආකාරය පෙනේ
  • වැලි සහිත කාන්තාරයක මිනිසෙක් සහ ඔටුවන් හතර දෙනෙක් ගමන් කරන ආකාරය පෙනේ.
  • ජනපති ට්‍රම්ප් සුදු පාට කමිසයක්, කළු පාට කෝට් එකක් හා කළු පාට බෝ එකක් පැළඳි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහි සිටි.
  • තැඹිලි පාට විශාල කඹ දෙකක් ආධාරයෙන් මිනිසුන් කිහිපදෙනෙකු තල්මසෙකු සමග මුහුදේ නොගැඹුරු ප්‍රදේශයක සිටී.
  • ශාලාවක ඇති මේසයක් අසල ජනපති ට්‍ර්මප් ඇතුළු පිරිසක් වාඩි වී සිටී.
  • ව්‍යායාම මධ්‍යස්ථානයක කාන්තාවක් බර උසුලන ආකාරය පෙනේ.
  • ගෙවල් විශාල ප්‍රමාණයක් ගංවතුරෙන් යට වී ඇති ආකාරය සහ ඇතින් වනත්රයකට ඉහලින් දුම් නගිනු පෙනේ.
  • ගසක් උඩ කළු පැහැති වලසෙකු සිටි.
  • එක් ක්‍රීඩකයෙකු තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ වාරුවෙන් ධාවන පථයක ගමන් කරන ආකාරය පෙනේ.
  • 'හැකර් ගිණුමකට' බැර කිරීම ගැන මෙතෙක් අප දන්නේ මොනවා ද?
  • දුම්රිය එන්ජිමක් සහ මැදිරි කිහිපයක් පීලි පන ඇති අතර දුම්රිය මග දෙපස මිනිසුන් සිටින අයුරු පෙන්.
  • සුදු පාට කලිසන් සහ ටී ෂර්ට් ඇඳ සිටින, මුව ආවරණ දැමු විශාල පිරිසක් පටුවල වැඩිවී සිටී.

ජනප්‍රිය ලිපි