විරෝධතාවයට සම්බන්ධයක් නැති කොළඹ සරසවියේ සිසුන්ට කඳුළු ගෑස් වැදීම ගැන පොලීසිය 'සොරි' කියයි
Published
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (මාර්තු 07) කොළඹදී සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ දී විරෝධතාවයට කිසිඳු සම්බන්ධයක් නැති කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිටි සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට ද පීඩා සිදුව තිබේ.
එහිදී සිසුන් සහ ආචාර්යවරු පිරිසක් විසින් පොලීසියට අප්‍රසාදය පළ කරන ලදී.
එහිදී එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු කණගාටුව පළ කළේය.