පළාත් පාලන මැතිවරණය 2023 :ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මොකද වුණේ ?

වීඩියෝ ශීර්ෂ වැකිය, පළාත් පාලන මැතිවරණය : ජාතික ජන බලවේගයේ විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගෑස්
Published

පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි රජයට බල කරමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය අද (පෙබරවාරි 26 වැනිදා ) කොළඹ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.

"ඡන්දය නවතා ප්‍රජාතන්ත්‍රවාදය වැළැක්වීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු" යන සටන් පාඨය මුල් කරගෙන මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද එම අවස්ථාවට සහභාගී විය.

මෙම විරෝධතාවයට එරෙහිව පොලීසිය අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබිණි.