ඇඳිරිනීතිය නොතකා පාරට බැහැපු ජනතාවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇඳිරිනීතිය නොතකා පාරට බැහැපු ජනතාවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය
Published

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පනවා තිබුණ ද එය නොතකා අද බොහෝ ප්‍රදේශවල ජනතාව විරෝධතා සඳහා එක්ව සිටියහ.

ඒ සඳහා එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කරන ලදී.

මේ අතර අද විරෝධය පළ කළ ජනතාවට සහය පළ කරමින් ලන්ඩන් නුවර සහ නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ද විරෝධතා සිදු කළහ.