රනිල් එරෙහි විශ්වාසභංගයට අත්සන් පනස් පහක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කතානායකවරයා සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කතානායකවරයා සමඟ
Published

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙයින් මඳ වෙලාවකට පෙර කතානායකවරයාට භාරදුන් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ බීබීසියට ප්‍රකාශයක් කරමින් විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරියට භාරදුන් බව තහවුරු කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන රාජ්‍ය ඇමති ටී.බී.ඒකනායක ,නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත.

විශ්වාසභංගය භාරදීමට සහභාගී වුනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැති බව වාර්තා වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්වාසභංගය භාරදීමට සහභාගී වුනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැති බව වාර්තා වෙයි

විශ්වාසභංගයට අත්සන් තබා ඇති මන්ත්‍රී සංඛ්‍යාව පනස් පහක් බවත් වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැති නමුත් විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන ලද්දේ ඔහුගේ ප්‍රධානත්වයෙන් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කතානායක ඉදිරියේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කතානායක ඉදිරියේ