පැහැරගත් නෞකාව: වෙඩි හුවමාරුවක්

ඡායාරූප මූලාශ්‍රය, MOHAMED DEEQ - SBC
Published
ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිත නෞකාව පැහැරගත් සෝමාලියානු කොල්ලකරුවන් සහ සෝමාලියාවේ පුන්ට්ලන්ඩ් පළාතේ නාවික හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදු විය.
සමුද්‍රීය බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල් අබ්දිරහ්මන් මොහමුඩ් හසන් කියා සිටියේ පැහැරගත් නෞකාව දෙසට යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් නතර කිරීමට තම බලකාය උත්සාහ කරනු ලැබූ අවස්ථාවේදී නෞකාව තුළ සිටින කොල්ලකරුවන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවය.
කොල්ලකරුවන්ට ආහාර සැපයීම සඳහා එම බෝට්ටුව පැමිණ ඇති අතර වෙඩි හුවමාරුව සිදුවෙන අතරතුර ඔවුන් පලාගොස් ඇත.
'ඒරිස් 13' නෞකාව මේවන විට නැංගුරම් ලා ඇත්තේ සෝමාලියාවේ අලුලා නගරයට නුදුරු මුහුදු තීරයේ ය.
























