කීත් නෝයර් ප්‍රහාරය : හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

කීත් නෝයර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නෝයර් පැහැර ගෙන යෑම සහ පහර දීම සම්බන්ධයෙන් සැකපිට හමුදා නිලධාරියෙකු සහ සෙබළුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මීට වසර නවයකට ඉහතදී පැහැර ගැනීමකට ලක් වූ 'ද නේෂන්' පුවත්පතේ සංස්කාරවරයෙකු වශයෙන් කටයුතු කළ කීත් නෝයර්ට දරුණු ලෙස පහර දී තිබිණි.

ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ඔහු විදෙස්ගත විය.

Grey line
Grey line

පසුගිය සමයේ කීත් නෝයර් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් පැහැරගැනීම් සහ ප්‍රහාරවලට ලක් වූ අතර ඇතමුන් ඝාතනය කෙරුණි.

මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ ඔවුන්ට පහරදීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක අංශවලට චෝදනා එල්ල වූ නමුත් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුණි.