නායකයන්ට මරණීය තර්ජන එල්ලකළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

Published
ජනාධිපති ,අගමැති සහ විපක්ෂ නායකවරයාට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුණි.
රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු යයි පැවසෙන සැකකරු සිය ෆේස්බුක් පිටුවේ පළකරනු ලැබ ඇති හඬපටයකින් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මරා දැමිය යුතුව ඇතැයි පවසන බව ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන පැවැත්විය යුතුබව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව සැකකරු දෙසැම්බර් 15 වෙනිදින තෙක් බන්ධානාගාරගත කරනමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේය.
























