BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ
“ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”
දරුවන් සම්බන්ධ රැකියාවක් අවශ්‍ය නම් මේ සහතිකය අනිවාර්ය යි? එය ලබාගන්නේ කෙසේ ද?
දරුවන් සමග ඍජුව සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ළමුන් පිළිබඳ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවෙකු නොවීම එම රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් ලෙස නම් කිරීමට රජය පියවර ගනිමින් සිටියි. තව ද, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින දරුවන් සමග සම්බන්ධ වන රැකියාවල නිරත රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ රැකියාව ඉදිරියට කරගෙන යාමේදී මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.
වීසා නීති දැඩි කිරීම ගැන ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් බීබීසීයට කතා කරයි: 'ඉස්සරහට එන්න ඉන්න ළමයින්ට එන්න එපා කියන්න තමා හිතෙන්නේ'
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සිසුන්, 'වීසා හොපර්ස්' (නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටීමට වීසා මාරු කරන්නන්) සහ බැක්පැකර්වරුන් ඉලක්ක කර ගනිමින් බ්‍රහස්පතින්දා දිනයේදී වඩාත් දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී.
ගුවන් ගමනකින් පසු ගමන් මල්ල නැතිවී හෝ හානි වී ඇත්නම් ගත යුතු පියවර
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයට (ICAO) අනුව, ශ්‍රී ලංකාව 2018 නොවැම්බර් 19 වන දා මොන්ට්‍රියල් සම්මුතියට එක් වූ අතර, 2019 ජනවාරි 18 වන දා සිට බලාත්මක විය. එසේ ම, මෙම සම්මුතිය දේශීය නීතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත (Carriage by Air Act) සම්මත කළේ ය.
විශ්ව කොඩිකාර: කොකේන් ළඟ තබා ගත් බවට වරද පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පියාට අධිකරණය දුන් තීන්දුව
කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට රුපියල් පන් දහසක දඩයක් නියම කර තිබේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද දින (සැප්: 17) එසේ නියම කළේ, විශ්ව කොඩිකාර එම වරද පිළිගැනීමෙන් පසුව ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
දරුවන් 'නුසුදුසු ලෙස ස්පර්ශය': විවේචන ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් බීබීසීයට පැවසුවේ කුමක් ද?
හොඳ ස්පර්ශය (proper touch) සහ නරක ස්පර්ශය (improper touch) යන සංකල්ප පිළිබඳව මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ය. මෙම විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් බීබීසී සිංහල විමසීය.
අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග
අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? යම් ස්ථානයක සවි කර ඇති CCTV කැමරා පද්ධතියක් මගින් ඔබගේ පෞද්ගලිකත්වයට බාධාවක් සිදුවන බව හැඟෙන්නේ නම්, හෝ ඔබගේ නිවස දෙසට කැමරාවක් යොමු වී ඇති බව හැඟෙන්නේ නම් ඊට එරෙහිව ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. එහිදී ඔබ කළ යුත්තේ කුමක් ද?
වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියේ ඇයි?
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (සැප්: 8) සිට සැප්තැම්බර් 10 වන දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, එරට ආණ්ඩුවේ මෙන් ම පාලක භාරතීය ජනතා පක්ෂයේ දෙවන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා ලෙස සැලකේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගුවන් ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් ඇතිවිය හැකි සහයෝගීතාවය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: මෙතෙක් සිදුවූයේ කුමක් ද?
2026 ජූලි 11 වන දා පැවති අධිකරණ සේවා සංගමයේ රැස්වීමට එහි සාමාජිකයින් 65 දෙනෙකු සහභාගි වූ අතර එහිදී පැවති රහසිගත ඡන්ද විමසීමේදී එම සියලු දෙනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබිණි.
එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'
"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.



















































