'මම බිහි කළ දරුවා මට ම හඳුනාගන්න බැරි වුණා': දරු ප්‍රසූතිය මගේ මතකය අහිමි කළ අයුරු

With a pillow behind her head and lots of wires and tubes attached to her, Samina Ali lies in a hospital bed, looking down at her baby son, Ishmael, in her arms, while her mother and younger brother, on either side of her, watch closely.

ඡායාරූප මූලාශ්‍රය, Samina Ali

    • Author, Outlook
    • Role, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

"පිටතින් බලද්දී, මගේ ගැබ් ගැනීම හරියට පොතක තියෙනවා වගේ. ප්‍රශ්න තිබුණේ නැහැ. මම එතකොට ගොඩක් තරුණයි, හරි ම සෞඛ්‍ය සම්පන්නයි [නමුත්], මට මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනුණා. ඒ හැඟීම දිගින් දිගට ම මගේ හිතට වද දුන්නා."

මෙම හැඟීම, ලේඛිකා සමීනා අලීගේ ජීවිතය පුරා ම ඇය සමග පවතින්නට විය.

දැඩි ආගමික පසුබිමක් ඇති මුස්ලිම් පවුලක උපන් ඇයගේ ළමා කාලය ඉන්දියාව සහ එක්සත් ජනපදයේ ගෙවී ගියේ ය.

ඇගේ දෙමාපියන් විශ්වාස කළේ ඇය අශුභ දිනයක උපන් බව යි. එබැවින් ඇගේ ජීවිතය සැමවිට ම වේදනාවෙන්සහ අවාසනාවෙන් වැසී යනු ඇතැයි බියෙන්, රිදියෙන් තැනූ සුර ඇයට පළඳවමින් හැකි සෑම දෙයකින් ම කර ඇයව ආරක්ෂා කිරීමට ඔවුහු උත්සහ කළහ.

කෙසේ වෙතත්, 1999දී ඇයගේ පළමු ගර්භණී අවධියේදී, වෛද්‍යවරුන්ට ගැටලු නොතිබිණි. ඔවුන් ඇගේ කුස තුළ වැඩෙමින් සිටි භ්‍රෑණය ස්කෑන් කළ ඔවුහු තමන්ට නිරීක්ෂණය වුණු සහ ඇසුණු දේ ගැන විශ්වාසය තැබූහ.

"වේගයෙන් දුවන අශ්වයෙකුගේ වගේ හදවත හොඳින් ගැහෙන හඬ හැර වෙන කිසිවක් තිබුණේ නැහැ," සමීනා බීබීසී ලෝක සේවයේ Outlook වැඩසටහන වෙත පැවසුවා ය. "හදවත ගැහෙන හඬින් මුළු කාමරය ම පිරුණා, එතකොට මම හිතුවේ මට පිස්සු කියලා. නමුත් මගේ ගර්භණීභාවයේ හත්වැනි මාසයේදී රෝග ලක්ෂණ ආරම්භ වුණා, මාව ඉදිමිලා, ටයිප් කරනකොට මගේ ඇඟිලි එකිනෙක ගෑවෙනවා මට දැනුණා. මට වමනය ගියා, පෙනීමේ වෙනස්කම් ඇති වුණා."

එහෙත් වෛද්‍යවරුන් දිගට ම ඇයට පැවසුවේ, ඇය "තරුණයි, නිරෝගීයි සහ හොඳින් ඉන්නවා," යනුවෙනි.

ගර්භණී අබාධය

අන්තර්ජාලයෙන් තොරතුරු සොයා බැලීමට තරම් හැකියාවක් නොතිබුණු එම කාලයේ සමීනා සහ ඇගේ ලේඛක සැමියා වන ස්කොට්, ඔවුන් හොඳින් ම දන්නා දේ කළහ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අපි සාහිත්‍ය අධ්‍යයනය කරලා බැලුවා - What to Expect When You're Expecting [යන ග්‍රන්ථය]," සමීනා Outlook වෙත පවසයි. "අවසානයේ, පූර්ව-එක්ලම්ප්සියාව ගැන පිටුවක් වගේ තිබුණා. එහි සඳහන් රෝග ලක්ෂණ කිහිපයක් මට තිබුණා."

පූර්ව-එක්ලම්ප්සියාව (pre-eclampsia) යනු, වැදෑමහ සම්බන්ධ ගැටලුවලින් හටගන්නා ගර්භණී සමයේදී ඇති වන ආබාධයකි. එය සිදුවන්නේ මන්දැයි වෛද්‍යවරුන් පූර්ණ වශයෙන් වටහාගෙන නැති නමුත් එය ඉතා බරපතළ විය හැකි අතර මොළය ඇතුළු ශරීරයේ බොහෝ අවයවවලට බලපායි.

කළු ජාතික හෝ දකුණු ආසියාතික කාන්තාවන් මෙම තත්ත්වයට විශේෂයෙන් ම ගොදුරු වීමේ අවදානම ඉහළ අතර, එහි රෝග ලක්ෂණ අතර අධිරුධිර පීඩනය, දැඩි හිසරදය, මුත්‍රා සමග ප්‍රෝටීන් පහවීම සහ පෙනීම අපැහැදිලි වීම ඇතුළත් වේ.

තවදුරටත් කණස්සල්ලට පත් වූ මෙම යුවළ නැවතත් වෛද්‍යවරුන් හමුවීමට ගියහ.

"මගේ පුතා ඉපදෙන්න තිබුණේ සතියකින්. ඒ නිසා මම මගේ සැමියාවත් එක්කගෙන ගියා, මොකද ඔහු සුදු ජාතිකයෙක් සහ පිරිමියෙක් නිසා, එතකොටවත් වෛද්‍යවරු ඇත්තට ම සවන් දෙයි කියලා," සමීනා Outlook වෙත පවසයි. නමුත් ඇගේ ප්‍රසව වෛද්‍යවරයා පැවසුවේ සියල්ල හොඳින් බවත්, නිවස වෙත ගොස් විවේක ගන්නා ලෙසත් ය.

A close-up shows Samina Ali's newborn son, Ishmael, asleep and wearing a blue, woollen hat.

ඡායාරූප මූලාශ්‍රය, Samina Ali

ඡායාරූප ශීර්ෂ වැකිය, සමීනාට තවමත් ඉෂ්මායෙල්ගේ ජීවිතයේ මුල් ම දින කිහිපය පිළිබඳව මතකයේ නැති තරම් ය

සමීනාගේ බියකරු අත්දැකීම ඇත්ත වශයෙන් ම ආරම්භ වූයේ දරු ප්‍රසූතියේදී ය.

"මට ලොකු වේදනාවක් දැනුණා, ප්‍රසව වේදනාව නෙවෙයි. මම කියන්නේ මගේ පපුවේ සහ හිසේ වේදනාව ගැන. ඒක පුපුරලා යන්න වගේ දැනුණා," ඇය පවසයි. "මගේ ශරීරය කඩා වැටෙනවා වගේ මට දැනුණා."

"මගේ පුතාගේ ප්‍රසූතිය කරපු වෛද්‍යවරයා හිටියේ අනෙක් හෙදියන්ට මුවා වෙලා. එතකොට මගේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නෑනේ. මගේ රුධිර පීඩනය හිතා ගන්න බැරි තරම් වැඩි වුණා. මම හිටියේ සිහියත් අසිහියත් අතර. ඒ නිසා දරුවා පුෂ් කරන්න කියන්න හෙදියට මාව සැරින් සැරේට අවදි කරන්න සිද්ධ වුණා. මම ව්‍යාකූල වෙලා හිටියේ, ඒ වෙද්දීත් මගේ මොළයේ ආඝාතයක් ඇති වෙමින් තිබුණා. පපුවේ වේදනාව ඇත්තට ම හෘදයාබාධයක් කියලා පස්සේ දැන ගත්තා."

ඉන් පසු සිදුවූ බොහෝ දේ සමීනාට මතක නැත. ඇයට ප්‍රධාන වශයෙන් මතක ඇත්තේ වේදනාව පමණණි. ඒ අතරතුර අලුත උපන් තම දරුවාගේ රුව තරමක් ඇගේ මතකයේ ඇත.

"මගේ පුතා ඉපදුණා කියලා මට මතකයි. නර්ස්ලා එයාව අරගෙන ගිහින් නෑව්වා," ඇය Outlook වෙත පවසයි. "නමුත් මට මතකයි, ඇඳේ වැතිර සිටිමින් එක ඇසක් වසාගෙන ඔහුව හඳුනාගන්න උත්සහ කළා. මගේ පුතා බිහි කරලා විනාඩි 20කට පස්සේ මට දැඩි වලිප්පු තත්ත්වයක් ඇති වුණා, ඒක ස්වාභාවික නිර්වින්දනයක් වගේ මගේ ශරීරය පුරා ගියා. මට තවදුරටත් වේදනාවක් දැනුණේ නැහැ. මට මතක තියෙන අන්තිම දේ එච්චරයි."

සමීනා සහ ඉෂ්මායෙල් දැඩිසත්කාර ඒකකයට මාරු කෙරිණි. මන්දපෝෂණය හේතුවෙන් ඉෂ්මායෙල් නවජ දැඩි සත්කාර ඒකකයටත් සමීනා ස්නායු රෝග ඒකකයටත් ඇතුළත් කෙරුණු අතර මොළයට සිදු වූ දැඩි හානිය හමුවේ ඇය එහි සිටියේ කෝමා තත්ත්වයෙනි. ජීවිත ආධාරක යන්ත්‍ර ආධාරයෙන් ඇය ජීවතුන් අතර තබා ගැනිණි.

A close-up shows Samina Ali holding a stack of medical records detailing her condition after going into a coma following the birth of her son, Ishmael. Only her hands, a wedding ring and a thick pile of white paper are shown.

ඡායාරූප මූලාශ්‍රය, Marissa Leshnov for The Washington Post via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමීනාගේ බරපතළ තත්ත්වය නිසා රෝහලේ වෛද්‍ය වාර්තාවලට පිටු රාශියක් එකතු විය

දින පහකට පසු, ඇගේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් "ආශ්චර්යවත් තරුණිය" ලෙස නම් කෙරුණු සමීනා අවදි වූවා ය. නමුත් සමීනාට පෙර ජීවිතයේ මතකවලින් දෙමාපියන් සහ සහෝදරයන් හඳුනාගත හැකි වුව ද සහ ඇගේ මව් භාෂාව වන උර්දු භාෂාවෙන් සන්නිවේදනය කළ හැකි වුව ද, ඇයට ඉංග්‍රීසි කතා කිරීමේ අපහසුතාවක් පැවති අතර තම සැමියා හෝ තමන් දරුවෙකු බිහිකර ඇති බව මතක නොතිබිණි.

"මගේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා හිතුවේ මගේ පුතා හමුවීමෙන් මතකය අවදි කර ගන්න උදව් වෙයි කියලා," සමීනා Outlook වෙත පවසයි. "ඒ නිසා ඔහු ඉන්කියුබේටරයේ තියෙද්දී ම අරගෙන ආවා, මගේ පවුලේ අයගේ ප්‍රතිචාරවලින් මේක ලොකු මොහොතක් කියලා මට කියන්න පුළුවන්කම තිබුණා. අප වටා ලෝකයේ සිදුවන දේවල් වටහා ගැනීමේ සහ මවා ගැනීමට හැකියාව ලබා දෙන මොළයේ වැඩි ම ක්‍රියාකාරීත්වයක් ඇති කොටස්වල සහයක් නැතිව වුණත්, මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙනවා කියලා මට තේරුණත් ඒ මොකක් ද කියලා මම දැනගෙන හිටියා."

මවක් තම අලුත උපන් දරුවා පළමු වතාවට තුරුළු කර ගන්නා, ඡායාරූපයකට සුදුසු මේ මොහොත, මීටත් වඩා නරක අතට හැරිය නොහැකි විය.

"නර්ස්ලා මගේ පුතාව තිබ්බේ මගේ ඇඟට ගහලා තිබුණ වයර් සහ බට උඩින්. රාත්තල් 6ක [කිලෝග්‍රෑම් 2.7] ඒ බර මට දරා ගත නොහැකි තරම් වේදනාවක් වුණා," සමීනා Outlook වෙත පවසයි. "ඒ වගේ ම මේ මගේ පුතා කියලා මට තේරුම් ගියේ නැති නිසා, මම දැනගෙන හිටියේ මට ලොකු වේදනාවක් තිබුණා කියලා විතරයි. එයාව ඉවත් කරන්න කියලා මට නර්ස්ට කියා ගැන බැරි වුණා. මම කළේ කෙඳිරි ගාපු එක විතරයි. අන්තිමේදී මම ඔහුව අතහැරියා. හැඟීම් සම්පූර්ණ භීතියක් බවට පත් වුණා. ඒක විනාශකාරී පළමු හමුවීමක් වුණා."

මෙය සමීනාට ඒ අවස්ථාවේ දරාගැනීමට නොහැකි තරම් හද කම්පා කරවන්නක් විය.

එතකොට ස්කොට්? "මට තරහා ගියා. මම එයාව තල්ලු කළා," ඇය වැඩසටහන වෙත පවසයි. "ඔහු මට ළං වෙද්දී හැම වතාවක ම මම බය වුණා."

Samina Ali's mother cradles sleeping baby Ishmael in her arms while looking directly at the camera with a slight smile.

ඡායාරූප මූලාශ්‍රය, Samina Ali

ඡායාරූප ශීර්ෂ වැකිය, සමීනාගේ කම්පනසහගත අත්දැකීම ඉෂ්මායෙල් සහ සමීනා අතර මවගේ අවධානය දිනා ගැනීමේ තරගයක් ඇති කළේ ය

අවසානයේ සමීනාගේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමේ හැකියාව ක්‍රමයෙන් පැමිණි නමුත්, රෝහලෙන් පිටව ගිය පසුව ද ඇගේ මනසේ බිඳුණු ස්වභාවය නොවෙනස්ව පැවතිණි.

"මගේ මොළයේ සියලු ම කොටස් බිඳිලා ගිහින් තිබුණා," ඇය Outlook වෙත පවසයි. "ඒ කැබලි හැකි තරම් එකට එකතු කර ගැනීම මගේ කාර්යය වුණා. ඒක කොච්චර දුෂ්කර ද කියලා ඔයාලට තේරෙන්නේ නැහැ, නැගිටලා ඇවිදින්න, කතාබහ නැවත ඉගෙනගන්න, අවට ලෝකය තේරුම් ගන්න වගේ දේවල්."

තමා අලුත උපන් පුත්‍රයා මෙන් ම සම්පූර්ණයෙන් ම අන් අය මත රඳා සිටින තත්ත්වයක සිටි බව සමීනා පවසයි.

"මම නිකම් පොඩි ළමයෙක් වගේ," ඇය Outlook වෙත පවසයි. "ඒක ගැඹුරු බියකරු අත්දැකීමක්. මම වචනාර්ථයෙන් ම කිව්වොත් දේවල් නැවත ඉගෙන ගනිමින් හිටියා. මගේ පුතා කරමින් හිටපු දේවල් ම මමත් කරමින් හිටියා... ඒ වයස අවුරුදු 30දී."

මෙය ඇගේ මවගේ අවධානය දිනා ගැනීම සඳහා ඉෂ්මායෙල් සමග තරගයක් ඇති කළේ ය.

"මගේ කෝපය අතිශය ප්‍රබලයි," සමීනා වැඩසටහනට පවසයි. "මට ජීවත් වෙන්න ඕනෙ කියලා මම දැනගෙන හිටියා, ඒකට ඇය මට උදව් කළ යුතුයි කියලාත් දැනගෙන හිටියා. ඇය මට උදව් කරන්නේ නැති වෙලාවට මම හරියට සතෙක් වගේ හැසිරුණේ."

A photograph shows Samina Ali today, looking directly at the camera, smiling slightly, with red lipstick, a silver earring and some of her brown hair in her face.

ඡායාරූප මූලාශ්‍රය, Samina Ali

ඡායාරූප ශීර්ෂ වැකිය, Almost 30 years on, Samina reflects on what it took for her to survive වසර 30කට ආසන්න කාලයකට පසු, සමීනා ජීවත්ව සිටීමට ඇයට අවශ්‍ය වූ දේ ගැන ආවර්ජනය කරයි.

ඇගේ ස්නායු විශේෂඥ වෛද්‍යවරයා බලාපොරොත්තු වූයේ රෝහලෙන් නිවසට යාම සමීනාගේ මතකයන් වැඩි වැඩියෙන් අවදි කිරීමට උපකාරී වනු ඇති බව යි. ඒ වෙනුවට, ඇයට නිවස ආගන්තුක ලෙස දැනිණි.

"හැම දෙයක් ම අවුල්සහගතයි වගේ තිබුණේ," ඇය Outlook වෙත පවසයි. "ලෝකය අඳුරු එකක් බවට පත් වුණා. මගේ [ඉදිමුණු] මොළය සාමාන්‍ය ප්‍රමාණයට නැවත පැමිණීමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇතැයි වෛද්‍යවරු පැවසුවා. ඒ කාලය තුළ මම දරුණු හිසරදයකින් පීඩා වින්දා. මට ශක්තියක් තිබුණේ නැති නිසා දේවල් තේරුම් ගැනීමට අපහසු වුණා. මගේ මනස හිස් හා නිහඬ බවක් දැනුණා. තවදුරටත් මගේ ම යැයි හැඟෙන්නේ නැති ශරීරයක මම ජීවත් වන බවක් මට දැනුණා."

ඉන්පසුව සති හයකට පසු, සිදු වූ දේ සහ ඇයට අහිමි වූ දේ තේරුම් ගැනීමට සමීනාගේ මොළය අවසානයේ සූදානම් විය. හදිසියේ ම, ඇය අපමණ වාර ගණනක් දැක ඇති නමුත් හඳුනා ගැනීමට අපොහොසත් වූ මංගල ඡායාරූපයක් ඇයට මතකයක් ගෙන ආවේ ය. "ඒක ක්ෂණයකින් ආපහු ආවා," ඇය වැඩසටහනට පවසයි. "අවසානයේ මගේ ජීවිතය සහ නිවස හඳුනා ගැනීම ගැන මට සහනයක් දැනුණා. නමුත් ඒ කියන්නේ මට අහිමි වූ සියල්ල මට තේරුණා, මගේ ශරීරය ගැන මට තරහක් ආවා. මගේ ශරීරය මාව පාවා දුන්නා කියලා මම හිතුවා."

කම්පනයට පෙර ඇගේ ජීවිතයට නැවත පැමිණීම සම්පූර්ණයෙන් ම කළ නොහැක්කකි. එක් දෙයක් නම්, ඇගේ විවාහය නොනැසී පැවතිණි. "ඒක නැවත ඉපදීමක්, පුනරුත්පත්තියක් වගේ," සමීනා Outlook වෙත පවසයි. "සුවය ලැබීම ඔහුව මගෙන් සෙමෙන් ඈත් කරන බව ස්කොට් දැක්කා."

ඇය නවකතාවක් ද ලියමින් සිටියා ය. නතර කළ තැනින් නැවත ආරම්භ කිරීම කළ නොහැකි වනු ඇතැයි ඇගේ වෛද්‍යවරයා අනතුරු ඇඟවීය. සෑම උදෑසනක ම නැවත තම රැකියාවට යාම ඇයට ඉතා වේදනාකාරී අත්දැකීමක් විය. මන්ද තිරය මත ඇය දුටු ලියවිලිවල කිසිදු තේරුමක් නොතිබුණු බැවිනි. ඇගේ මොළය ඇයව රවටමින් සිටියේ ය. නමුත් සමීනා අත්හැරීමට සූදානම් වූයේ නැත.

Samina Ali looks up and laughs, as her baby son, Ishmael, in her arms, looks up at her face.

ඡායාරූප මූලාශ්‍රය, Samina Ali

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝමා තත්ත්වයෙන් පසු, සමීනාට හැඟුණේ ඇය තම ළදරු පුත් ඉෂ්මායෙල් මෙන් පූර්ව ළමා වියේ සිටින බව යි. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහු සමග ඇගේ සම්බන්ධතාව වඩාත් ශක්තිමත් වී ඇත

"මම ඒක දිගට ම කරගෙන ගියේ, ඒක මගේ ජීවිතය ගලවා ගැනීමේ මාර්ගය වුණු නිසා," ඇය Outlook වෙත පවසයි. "ධෛර්යය කියන්නේ, අපි පහර කාලා ජීවිතයෙන් බිමට ඇද වැටිලා, නැවත නැගිටීමට තෝරා ගැනීම බව මම ඉගෙන ගත්තා."

වසර පහකට පසු, සමීනා ඇගේ සම්මානලාභී නවකතාව වන "Madras on Rainy Days" ප්‍රකාශයට පත් කළා ය. එම පොත ප්‍රකාශයට පත් කිරීම සමීනාට සුව වීම සහ අවබෝධය සඳහා සන්ධිස්ථානයක් විය. තවත් දෙයක් නම් ඉෂ්මායෙල් සමග ඇති ඇගේ සම්බන්ධතාව පිළිබඳ ඇගේ අවබෝධය යි.

"මගේ ජීවිතේ මතකයන් මතක් වුණා ම, මට ඔහු සමග දැඩි සම්බන්ධයක් දැනුණා මතකයි," ඇය වැඩසටහනට පවසයි. "මොකද ඔහු වචන පැටලි පැටලි කතා කරන්න හදනකොට, ඒක කොච්චර අමාරු ද කියලා මට තේරුණා. ඔහු නැගිටිනකොට... වැටුණා ම, මට තේරුම් ගන්න පුළුවන් වුණා. මම එයා එක්ක අමනාප වෙලා හිටපු තැනකින්... මම ඔහු සමග දැඩි ලෙස බැඳුණු තැනකට ගියා. අපි අදටත් ළඟයි."

දැන් වසර 30කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, ඉෂ්මායෙල් ඉපදී වසර 10කට පසු උපන් දියණියක ද සිටින නිසා, සමීනා නැවත නැගිට සිටියා පමණක් නොව, එසේ ම අඛණ්ඩව ශක්තිමත්ව සිටියා යැයි පැවසීම වඩාත් සුදුසු වේ.