පරිසර දුෂණය ගැන ඔත්තු බලන නියමුවන් රහිත යානා

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
පරිසරයට හානි සිදු කෙරෙන කර්මාන්ත ශාලා පිළිබඳ ඔත්තු බැලීමට චීන බලධාරීහු නියමුවන් රහිත ගුවන් යානා යොදා ගනිති.
එම කර්මාන්ත ශාලා පාරිසරික ආරක්ෂණ නීති නිසියාකාරව පිළිපදිනවා දැයි සොයා බැලීමයි, නියමුවන් රහිත ගුවන් යානා යොදා ගනිමින් සිදු කරන්නේ.
චීනයේ උතුරු දිග ප්‍රාන්තවල ඇති වානේ කම්හල්, බලාගාර, හා අනෙකුත් කර්මාන්තශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය මෙම නියමුවන් රහිත ගුවන් යානාවල නිරීක්ෂණයට ලක් වේ.
නියමුවන් රහිත ගුවන් යානාවල ඇති අධෝරක්ත කැමරා දවසේ පැය විසි හතර පුරා ඕනෑම වෙලාවක ඔත්තු බැලීම සඳහා සුදානම් කර තිබේ.
චීනයේ දශක කිහිපයක සිට සිදු වන ශ්‍රීඝ‍්‍ර ආර්ථික සංවර්ධනය, අධික පරිසර දූෂණයට හේතු වී තිබෙන අතර එම තත්වයෙන් පරිසරය මුදවා ගන්නා බවයි චීන රජය ප්‍රතිඥාවක් දෙමින් කියා සිටින්නේ.























