සර්බ් යුද නායක රත්කෝ ම්ලදික් උසාවියේ

Ratko Mladic

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

Published

බොස්නියන් සර්බ් යුද නායක රත්කෝ ම්ලදික්ට එරෙහි නඩු විභාගය හේග් ජාත්‍යන්තර යුද අපරාධ උසාවියේදී ආරම්භ විය.

ඔහුට එරෙහි චෝදනා ගොනු කරමින් උසාවියේදී අදහස් දැක වූ නීති නිලධාරීන් කියා සිටියේ,ම්ලදික් බොස්නියාවේ ජන වාර්ගික ශුද්ධයක් සිදු කිරීමේ නිරතව සිටි බවයි. පැමිණිල්ලේ නීති වේදී ද්ර්මෙට් ග්රූමේ , කරුණු ගෙනෙමින් පෙන්වා දුන්නේ ,විත්තිකරු යුද අවියක් හැටියට ලිංගික හිංසාවද පෙරට ගෙන යමින් සිටි බවයි..

1995 වසරෙහි ස්රෙබ්රෙනිචා හිදී පිරිමි දරුවන්ද ඇතුළු හැත්තෑ දාහකට අධික මුස්ලිම් පුරුෂයන් මරා දැමීම සහ ජන සංහාරය ද ඇතුළු යුද අපරාධ චෝදනා එකොළහක් රත්කෝ ම්ලදික්ට එරෙහිව ඉදිරිපත් වෙනවා. අවුරුදු පහළොවක් පමණ කට්ටි පනිමින් සිටි ම්ලදික් අල්ලා ගත්තේ පසු ගිය අවුරුද්දේ.

ම්ලදික් නඩු විභාගය සඳහා උසාවි ශාලාවට ගෙනෙද්දී ඔහු,මිට මෙළවූ අතින් මහපටඟිල්ල දක්වා අත් තල හඬ නැගුවා. මේ අතර ,මහජන ගැලරියේ සිටි තැනැත්තෙක් ම්ලදික්ට පිශාචයා යයි අවමන් කළ අවස්ථාවේ එවැනි ප්‍රතිචාරයන්හි නිරත නොවන ලෙස විනිශ්චයකාර වරයා විත්තියට සහ මහජනයාට අනතුරු ඇඟවීමක් සිදු කළේය