ඉස්ලාමාබාදයේ වැලන්ටයින් තහනම්

ඉස්ලාමාබාදයේ වැලන්ටයින් තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වැලන්ටයින් දිනය සැමරීමට එරෙහිව කරච්චි නුවර පැවති උද්ඝෝෂණයක්
Published

ඉස්ලාමාබාද් අගනුවර තුළ වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්තාන අධිකරණයක් තහනම් කළේය.

අධිකරණය අදාළ තහනම් නියෝගය නිකුත් කළේ, වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඉස්ලාමාබාද් මහාධිකරණය ලබා දුන් නියෝගයට අනුව වහා ක්‍රියාත්මකවන පරිදි වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැක.

Grey line
Grey line
ඉස්ලාමාබාදයේ වැලන්ටයින් තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වැලන්ටයින් දිනය වෙනුවෙන් ලාහෝර් නුවර අලෙවියට තබා ඇති මල්

වැලන්ටයින් දිනය හා සම්බන්ධ විශේෂ වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙසත් අධිකරණය මාධ්‍ය වෙත උපදෙස් ලබා දී තිබේ.

පසුගිය වසරේ ප්‍රකාශයක් කළ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් පාකිස්තාන සංස්කෘතියේ කොටසක් නොවන වැලන්ටයින් දිනය බටහිර චාරිත්‍රයක් ලෙස විග්‍රහ කළේය.