ජනපති රනිල්ගේ උපදෙස් මත පැවැත්වූ 'ජනරජ පෙරහැර' ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනපති රනිල්ගේ උපදෙස් මත පැවැත්වූ 'ජනරජ පෙරහැර' ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?
Published

ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත වසර 34 කර පසු මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ විශේෂ පෙරහැරක් ඊයේ (පෙබරවාරි 19) පැවැත්වුණි.

එය නම් කර තිබුණේ 'ජනරජ පෙරහැර' ලෙසයි.

උග්‍ර ආර්ථික අර්බුදයකට රට මුහුණ දී ඇති අවස්ථාවක මෙවැනි පෙරහැරක් පැවැත්වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් නිර්මාණය වී තිබේ.

මෙම පෙරහැරේ අරමුණ සහ ඒ සඳහා රජය වැය කළ මුදල කොපමණ ද ?

එමෙන්ම ඇසල පෙරහැර මංගල්‍යට අමතරව මෙවැනි විශේෂ පෙරහැර මීට පෙර පවත්වා ඇති අවස්ථා හා ඊට බලපෑ හේතු ඔබ දැන සිටියා ද ?