''මේක සාමකාමී උද්ඝෝෂණයක්. පොලීසිය කලින් කළා වගේ ගැටුමකට පෙරළන්න එපා.''
Published
අරගලයේදී මියගිය අය සිහි කිරීමට සහ කොළඹ, ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයක් කිරීමට පිරිසක් සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය අද (නොවැම්බර් 09) ඊට බාධා කළේය.
උද්ඝෝෂණය කිරීමට පොලීසිය වෙනත් ස්ථානයක් පෙන්වීම නිසා උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.



