'ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් හොඳයි. ඔන්න සරලව කිවුවා'- සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් හොඳයි. ඔන්න සරලව කිවුවා.''
Published

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බීබීසීය සමඟ කළ සංවාදයකදී පැවසුවාය.

බෞද්ධ රටක් වන තායිලන්තය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ ආගමට හෝ සංස්කෘතියට හානියක් සිදුවී නොමැති බව ද ඇය පවසන්නීය.

කංසා අපනයනය නීතිගත කළ හැකි ආකාරය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීමට ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් ඒ සඳහා නිලධාරීන්ගෙන් බාධා එල්ල වන බවත් ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකාවට GSP බදු සහන ලබා ගැනීමට සහ IMF ණය ලබා ගැනීමට නම් 22 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ යුතු බවත්, පුරවැසිභාවය ගැන නැගෙන චෝදනා ගැනත් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මෙම සංවාදයේදී අදහස් පළ කළාය.