විදුලි බිල : ''අපේ ගෙදර වැඩි කළාට කමක් නෑ. පන්සලේ වැඩි කරන්න එපා.''

වීඩියෝ ශීර්ෂ වැකිය, විදුලි බිල : ''අපේ ගෙදර වැඩි කළාට කමක් නෑ. පන්සලේ වැඩි කරන්න එපා.''
Published

ආගමික සිද්ධස්ථාන සඳහා මෙතෙක් ලබා දී තිබූ සහනය අහෝසි කරමින් විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට සර්ව ආගමික නායකයින් විරෝධය පළ කරන අතර භික්ෂුන් වහන්සේ ඒ සඳහා පෙරමුණ ගෙන සිටිති.

මේ පිළිබඳව සමාජයේ ද දැඩි කතාබහක් ඇතිව තිබේ.

ආගමික සිද්ධස්ථාන සඳහා විදුලි බිල වැඩි කිරීමට ඇතැමුන් විරෝධය පළ කළ ද ඒවායේ සිදුවන නාස්තිය අවම කර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ආගමික නායකයින් ද ක්‍රියා කළ යුතු බව ඇතැම්හු පවසති.

මේ පිළිබඳව බොහෝ දෙනෙකු බීබීසීයට විවිධ අදහස් දැක්වුහ.