22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ගැසට් කෙරේ;22 අඩංගු මේ මූලික කරුණු ගැන ඔබ දන්නවාද?

වීඩියෝ ශීර්ෂ වැකිය, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ගැසට් කෙරේ 22 අඩංගු මේ මූලික කරුණු ගැන ඔබ දන්නවාද ?
Published

22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර එය අද දිනයේ (අගෝස්තු 02) ගැසට් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසුවේය.

එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වීමට සිදුවන අතර ඊට හේතුව මෙන්ම නව ව්‍යවස්ථාවට ඇතුළත් මුලික කරුණු ගැන අධිකරණ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග සහ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග මීට ඇතුළත්ය.

විපක්ෂය ඉල්ලා සිටි පරිදි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමක් මෙමඟින් යෝජනා නොකෙරේ.