පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිට 'ගෝඨා ගෝ හෝම්' කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, අනුර අගමැති කරන්න රනිල්ගෙන් ජනපතිට යෝජනාවක්
Published

අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇති පරිදි මාස හයක් තුළ රට යථා තත්ත්වයට පත්කළ හැකි නම් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට තමන් තනතුර අත්හැරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (ජූලි 05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සෘන ආර්ථිකයක් පවතින රටක් ඉතා කෙටි කලකින් ධන ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවට පත් කළ හැකි නම් ඔහු නොබෙල් ත්‍යාගය ලැබීමට ද සුදුසු බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අද පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පැමිණ සිටීම විශේෂත්වයක් විය.

විපක්ෂයේ මන්ත්‍රීවරු 'ගෝඨා ගෝ හෝම්' යනුවෙන් කෑ ගසමින් විරෝධතාවය පළ කළහ.