ආර්ථික අර්බුදය ; රනිල්ගෙන් මුදල් ඇමතිකම ගලවන්න ධම්මික පෙරේරා සටන අරඹයි

වීඩියෝ ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතුයි-ධම්මික පෙරේරා
Published

රටේ ආර්ථික අර්බුදය විසඳීමට නිසි සැලැස්මක් නැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අද (ජුලි 06) ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය වශයෙන් රටේ ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සැලසුමක් නොමැති බවත් චෝදනා කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කළේ ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කළ යුතු බවයි.