ඉන්ධන අර්බුදය ; ''රනිල් ආවම ටිකක් හරි හරියයි කියලා හිතුවා. ඒත් හරියන්නේ නෑ.''
Published
අද අලුයම සිදු කළ ඉන්ධන මිල වැඩි කිරීමත් සමග රජය මාස හයක් තුළ ඉන්ධන මිල හය වරක් වැඩි කර තිබේ.
එහෙත් වැඩි මිලට වුව ද ඉන්ධන ලබාගත නොහැකි බවට දින ගණනක් පෝලිම්වල රැඳී සිටින ජනයා මැසිවිලි නගති.
ත්‍රීරෝද රථවල පළමු කිලෝමිටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 100 දක්වා වැඩි කෙරෙන අතර අවම බස් ගාස්තුව රුපියල් 32කි.
