''හදිසි නීතිය ඕගොල්ලන්ගේ නායකතුමාට දාගන්න.''

Published

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසිය අද දිනයේ ද (මැයි 19) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

මෙම පා ගමන වැලක්වීමට පොලීසිය උත්සහ කළ අවස්ථාවේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් නිලධාරීන්ට පැවසුවේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සරසවි සිසුන් පාරට බැස ඇති අතර "හදිසි නීතිය ඔබේ නායකතුමාට" දාගන්නා ලෙසයි.

නෙළුම් පොකුණ අසලින් විරෝධතා පා ගමන ආරම්භ කළ අතර කොළඹ, කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලදී කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල විය.