ශ්‍රී ලංකාව ; නව අගමැතිවරයෙක් පත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ; නව අගමැතිවරයෙක් පත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට
Published

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමේ යෝජනාවක් ආචාර්ය විජේදාස රාජපක්ෂ අද (අප්‍රේල් 05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත ප්‍රේමදාස පැවසුවේ පොදු ජනතාවගේ හඬ සහ 69 ලක්ෂයේ බලාපොරොත්තු පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවයි. එම බලාපොරොත්තු ඉටුකිරීමට නම් ජනාධිපතිගේ සිට ආණ්ඩුඑවෙ සියලුම දෙනා ඉල්ලා අස්විය යුතු බවයි.

එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනාවක් සතියක් තුළ රැගෙන එන ලෙසත් ඔහු පැවසීය.

''තනි මොලෙන් නෙමෙයි, මොළ හතෙන් ප්‍රශ්න විසඳනවා කිවුවා. ජනතාව කියන්නේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. ජනපතිගේ සිට මේ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි. අපි එන්නේ නෑ තාවකාලික ඇමතිකම් ගන්න. ඇමති අංතට්ටු දාගන්න අපේ කණ්ඩායමට රුදාවක් නෑ. පුලුවන්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න. '' යනුවෙන් සජිත් ප්‍රේමදාස පැවසුවේය.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේය.