ධර්මසේන පතිරාජ දිවියෙන් සමුගනී

ආචාර්ය ධර්මසේන පතිරාජ

ඡායාරූප මූලාශ්‍රය, news.lk

Published

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ඉරිදා (ජනවාරි 28) අභාවප්‍රාප්ත වී තිබේ.

මහනුවර පෞද්ගලික රෝහලකදී මෙලොවින් සමුගන්නා විට ධර්මසේන පතිරාජයන් 74 වෙනි වියේ පසු විය.

දෙස් විදෙස්හි සම්මානයට පත් ඔහු ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී ලකුණක් තැබූ මහා කලාකරුවෙකු ලෙස සැලකේ.

අහස්ගව්ව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සහ පොන්මනී ඔහුගේ විශිෂ්ඨ සිනමා කෘති අතර වේ.

1943 මාර්තු 28 උපද ලද ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා තිබේ.

ධර්මසේන පතිරාජයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර දී පැවැත්වීමට නියමිතය.