තරඟ විභාග නැති ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය
Published
ඇමෙරිකාවේ නිව් බ්‍රිට්න්හි සෙන්ට්‍රල් කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ජෝන් මිලර් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ලොව සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රට ෆින්ලන්තයයි.
අධ්‍යාපනය, පුස්තකාල පහසුකම් මෙන්ම රටේ පුවත්පත්වල ගුණාත්මකභාවය මේ සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන ප්‍රධාන නිර්ණායක.
අධ්‍යාපනය ක්‍රමයේ පවතින අපූරු විශේෂතා හේතුවෙන් ෆින්ලන්තය ලොව සාක්ෂරතාවය අතින් ඉදිරියටම පැමිණ සිටින බවයි, කලක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ, දැනට හෙල්සින්කි අගනුවර වෙසෙන ශකිලා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ.