අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් ඉල්ලා උතුරේ උද්ඝෝෂණ

දිවයිනේ වැඩිම පිරිසක් අතුරුදහන් වී ඇත්තේ යුද්ධය හේතුවෙන් බව පැහැදිළි කළ උද්ඝෝෂකයෝ ඉන් වැඩිම පිරිසක් අයත් වන්නේ කිළිනොච්චි සහ මුලතිවු පළාත්වලට බවයි පෙන්වා දුන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, NIBOJAN

ඡායාරූප ශීර්ෂ වැකිය, දිවයිනේ වැඩිම පිරිසක් අතුරුදහන් වී ඇත්තේ යුද්ධය හේතුවෙන් බව පැහැදිළි කළ උද්ඝෝෂකයෝ ඉන් වැඩිම පිරිසක් අයත් වන්නේ කිළිනොච්චි සහ මුලතිවු පළාත්වලට බවයි පෙන්වා දුන්නේ.
Published

අතුරුදහන්වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලෙන කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් ජනතාවට සෙතක් නොවන බව කියමින් කිළිනොච්චියේ සහ මුලතිවු පළාත්වල වැසියෝ අද (18)උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියේ එම කාර්යාලය කිළිනොච්චි හෝ මුලතිවු පළාත්වල පිහිටුවන ලෙසයි.

දිවයිනේ වැඩිම පිරිසක් අතුරුදහන් වී ඇත්තේ යුද්ධය හේතුවෙන් බව පැහැදිළි කළ උද්ඝෝෂකයෝ ඉන් විශාල සංඛ්‍යාවක් අයත් වන්නේ කිළිනොච්චි සහ මුලතිවු පළාත්වලට බවයි පෙන්වා දුන්නේ.

කොළඹ කාර්යාලය පිහිටුවීමෙන් උතුරේ වැසියන්ට සිය දුක්ගැනවිලි රැගෙන අධික වියදමක් දරමින් කොළඹට ඒමට සිදුවන නිසා වැඩිම පිරිසක් අතුරුදහන් වී සිටින පළාතක එම කාර්යාලය පිහිටුවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

දිවයිනේ වැඩිම පිරිසක් අතුරුදහන් වී ඇත්තේ යුද්ධය හේතුවෙන් බව පැහැදිළි කළ උද්ඝෝෂකයෝ ඉන් වැඩිම පිරිසක් අයත් වන්නේ කිළිනොච්චි සහ මුලතිවු පළාත්වලට බවයි පෙන්වා දුන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, NIBOJAN

යුද්ධය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමෙන් උතුරේ වැසියන්ට කිසිදු සහනයක් මෙතෙක් නොලැබුණු බව පෙන්වා දුන් උද්ඝෝෂකයෝ මෙම කාර්යාලය කොළඹ පිහිටුවීමෙන් සිදුවන්නේද එවැනි ඵල රහිත ක්‍රියාවක් බවද පැවසූහ.

උද්ඝෝෂණ වල නිරත වූ පිරිස් තම පළාතේ දේශපාලනඥයන්ට සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට ලිපි ඉදිරිපත් කරමින් කියා සිටියේ එම ලිපි ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් යවා නිසි ලෙස කරුණු පැහැදිලි කර දී තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.