බැඳුම්කර නිකුතුව: 'විගණකාධිපති වාර්තාව කථානායකට'

ඡායාරූප මූලාශ්‍රය, Sunil Handunneththi
Published
2015 පෙබරවාරි මස සිට 2016 මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වාර්තාව කථානායකවරයා වෙත භාර දුන් බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කොප් කමිටුව) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
කොප් කමිටුවේ උපදෙස් මත විගණකාධිපති විසින් ඉහත කී වාර්තාව සකස් කරනු ලැබූ බවත් එහි වූ නිගමන සහ නිර්දේශ කවරක්දැයි යන්න ප්‍රකාශ කිරීමට තමාට බලයක් නොමැති බවත් කොප් කමිටු සභාපතිවරයා කියා සිටියේය.
'බැඳුම්කර ගනුදෙනුවට අදාළව තිබෙන ලේඛන සියල්ලම වගේ වාර්තාවට ඇතුල් කොට තිබෙනවා. සාක්ෂි සටහන් එහි අඩංගු කොට තිබෙනවා. ඒ තුළ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ රහසිගත, සංවේදී ලේඛන තිබෙන නිසා එය කථානායකවරයාට භාර දී තිබෙනවා' ඔහු සංදේශයට වැඩිදුරටත් සඳහන් කළේය.

























