ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පැය 48 ක් ගතවෙලා, බලාපොරොත්තු තැබීම අසීරුයි'
Published
අරනායක නාය යාම සිදුවී දැන් පැය 48 ක කාලයක් ගතවී ඇති බැවින් දිවි බෙරාගත්තවුන් තවමත් සිටීදැයි බලාපොරොත්තු තැබීම අසීරු බවයි අරණායක සහනසේවා මෙහෙයුම් භාර ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සංදේශයට පැවසුවේ.
ජීවත්ව සිටින පුද්ගලයන් සියලුදෙනා සහන කඳවුරු වෙත රැගෙන විත් ඇති බව පවසන ඔහු යන්ත්‍ර යොදාගෙන මෙහෙයුම් කිරීමේ හැකියාවක් නැති බැවින් හමුදා සෙබළුන් ගේ දැඩි උත්සාහය මත ඉතා සෙමින් සිදුවන මෙහෙයුමක් වුවත් එය දිගටම කරගෙන යන බවයි පැවසුවේ.