'පැය 48 ක් ගතවෙලා, බලාපොරොත්තු තැබීම අසීරුයි'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'පැය 48 ක් ගතවෙලා, බලාපොරොත්තු තැබීම අසීරුයි'
Published

අරනායක නාය යාම සිදුවී දැන් පැය 48 ක කාලයක් ගතවී ඇති බැවින් දිවි බෙරාගත්තවුන් තවමත් සිටීදැයි බලාපොරොත්තු තැබීම අසීරු බවයි අරණායක සහනසේවා මෙහෙයුම් භාර ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සංදේශයට පැවසුවේ.

ජීවත්ව සිටින පුද්ගලයන් සියලුදෙනා සහන කඳවුරු වෙත රැගෙන විත් ඇති බව පවසන ඔහු යන්ත්‍ර යොදාගෙන මෙහෙයුම් කිරීමේ හැකියාවක් නැති බැවින් හමුදා සෙබළුන් ගේ දැඩි උත්සාහය මත ඉතා සෙමින් සිදුවන මෙහෙයුමක් වුවත් එය දිගටම කරගෙන යන බවයි පැවසුවේ.