සචින් භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලබයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාවේ ඉහලම සම්මානය වන භාරත් රත්නයෙන් පිදුම් ලැබුවේය.
දිල්ලි අගනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදීයි, ඔහුට සම්මානය පිරි නැමුණේ.
භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබූ එකම ඉන්දීය ක්‍රීඩකයා ඔහුයි.
සිය දෙසිය වැනි ටෙස්ට් තරඟයට මුහුණ දීමෙන් අනතුරුව පසුගිය නොවැම්බරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩියෙන්ම ලකුණු රැස් කොට සිටින ක්‍රීඩකයායි.























