සජීවී., මහර බන්ධනාගාරයේ 'නොසන්සුන්තාවක්' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහර බන්ධනාගාරයේ "නොසන්සුන්තාවක්" හට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි. මේ සම්බන්ධයෙන් බීබීසීය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, "රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහළය මත" සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව ය.

සාරාංශය

  • මහර බන්ධනාගාරයේ "නොසන්සුන්තාවක්" - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
  • රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහළය මත" සිටින බවට තොරතුරු - අධිකරණ අමාත්‍යවරයා
  • කඩවත සහ රාගම පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ශන අරඹයි
  • තුවාලකරුවන් 5 දෙනෙක් රාගම රෝහලට

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. මහර බන්ධනාගාරය ඉදිරිපිට තත්ත්වය

  2. Breaking, තුවාලකරුවන් '5 දෙනෙක්' රාගම රෝහලට

    මහර බන්ධනාගාරයේ තුවාල ලැබූ "රැඳවියන් අවම වශයෙන් 5 දෙනෙකු" රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශයෙක් පැවසුවා.

    ඔවුන් මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පැවසූ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ, "ලෑස්ති වෙලා ඉන්නේ තව එනවා කියලා," යනුවෙනි.

  3. Breaking, මහර බන්ධනාගාරයේ "නොසන්සුන්තාවක්" - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    වීඩියෝ ශීර්ෂ වැකිය, මහර බන්ධනාගාරයේ 'නොසන්සුන්තාවක්’ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මහර බන්ධනාගාරයේ "නොසන්සුන්තාවක්" හට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බීබීසීය වෙත පැවසුවා.

    අපත් සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු සඳහන් කළේ, "අඩි 15ක තාවකාලිකව සකස් කරන ලද තහඩුවක් කඩාගෙන එන්න දරන උත්සහයක් බවට තොරතුරු ආරංචි වෙනවා. කඩවත, ඒ වගේ ම රාගම පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ශන ආරම්භ කරලා තියෙනවා."

    එසේ වුව ද මේ වන විට "තත්ත්වය පාලනය කර" ඇති බව ඔහු පැවසුවා.

  4. මහර බන්ධනාගාරය අසල තත්ත්වය

    මහර බන්ධනාගාරය අසල සවස තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වර්තාකරුගෙන් බීබීසීය වෙත ලැබී තිබෙනවා.

    මහර බන්ධනාගාරය අසල තත්ත්වය
    මහර බන්ධනාගාරය අසල තත්ත්වය
    මහර බන්ධනාගාරය අසල තත්ත්වය
  5. 'රැඳවියන් පිරිසක් වහළය මත ඉන්නවා කියලා තමයි තොරතුරු එන්නේ' - අධිකරණ ඇමති

    මහර බන්ධනාගාරයේ උදගත්ව ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා බීබීසී සිංහල අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළා.

    "රැඳවියන් පිරිසක් වහළය මත ඉන්නවා කියලා තමයි තොරතුරු එන්නේ. මේ වනවිට සියලු ම නිලධාරීන් බන්ධනාගාර කොමසාරිස් ඇතුළුව ඒ අවශ්‍ය කටයුතු කරනවා ඒක සමනයට පත් කරන්න," ඔහු දුරකතනය ඔස්සේ බීබීසීය සමග සම්බන්ධ වෙමින් පැවසුවා.

    මෙය ගැටුමක් ද යන්න අප ඔහුගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස සඳහන් කළා.

    "දන්නේ නැහැ. කිසි තොරතුරක් මට නැහැ. දැනුයි ඒක වෙන්නේ දැන් ටිකකට කලින් තමයි මට ඔය තොරතුරු ටිකත් ආවේ."

  6. Breaking, ආයුබෝවන්!

    මහර බන්ධනාගාරයේ "නොසන්සුන්තාවක්" හට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසුවා. ඒ පිළිබඳව සජීව තොරතුරු අප මෙම පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානමින්. රැඳී සිටින්න අපත් සමග.