සජීවී., වෙනිසියුලාවේ ප්‍රබල භූකම්පන දෙකක්: කරාකස් නුවර ගොඩනැගිලි කඩා වැටෙයි

වෙනිසියුලාවේ කරාකස් අගනුවරට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් එහි ගොඩනැගිලි විනාශ වී තිබේ. පළමු භූමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.2ක් වූ අතර, දෙවන භූමිකම්පාවේ ප්‍රබලත්වය මැගිනිටියුඩ් 7.5ක් විය. මෙම ආපදා තත්ත්වයත් සමග වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ ය.

සාරාංශය

  • වෙනිසියුලාවේ කරාකස් අගනුවරට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකකින් එහි ගොඩනැගිලි විනාශ වෙයි
  • පළමු භූමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.2ක් වූ අතර, දෙවන භූමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 7.5ක් විය
  • මෙම ආපදා තත්ත්වයත් සමග රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත
  • ජීවිත හානි රැසක් සහ දේපළ හානි විශාල වශයෙන් සිදුවී ඇති බවට සැක කරන අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවීමේ සම්භාවිතාව 44%ක් වන බවයි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. භූමිකම්පා ඇතිවීමට ප්‍රධාන හේතුව කුමක්ද?

    වෙනිසියුලාව පිහිටා ඇත්තේ කැරිබියන් සහ දකුණු ඇමෙරිකානු යන භූ තැටි දෙක හමුවන, භූ කම්පන අතින් ඉතා සක්‍රීය කලාපයක.

    ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, අද දිනයේ සිදු වූ භූමිකම්පා දෙකෙන් දෙවන සහ විශාලතම භූමිකම්පාව සිදුව ඇත්තේ මෙම භූ තැටි සීමාව අසල ඇති වූ "මතුපිට තිරස් විභේදනකින්"

    මෙය සිදුවන්නේ භූ තැටි අතර ඇති විභේදන (faults) හෙවත් පැලීම් තිරස් අතට චලනය වන විටය. මෙම චලනය ඉතා වේගයෙන් සිදුවන විට භූමිකම්පාවක් හටගන්නවා.

    "සිතියම්වල සාමාන්‍යයෙන් ලක්ෂ්‍යයන් (points) ලෙස සලකුණු කළද, මෙවැනි ප්‍රමාණයේ භූමිකම්පා වඩාත් නිවැරදිව විස්තර කළ හැක්කේ විශාල විභේදන කලාපයක් පුරා සිදුවන ලිස්සා යාමක් (slip) ලෙසය," යැයි USGS ආයතනය වාර්තා කළා.

    දෙවන භූමිකම්පාව සිදු වූ ස්ථානය

    දෙවැනි භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය පිහිටා ඇත්තේ වෙනිසුවෙලාවේ යුමාරේ නගරයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 23ක් පමණ දුරිනි

    ඡායාරූප මූලාශ්‍රය, US Geological Survey

    ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවැනි භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය පිහිටා ඇත්තේ වෙනිසුවෙලාවේ යුමාරේ නගරයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 23ක් පමණ දුරිනි
  2. භූ කම්පනයෙන් ගොඩනැගිලිවලට හානි වී තිබුණු අයුරු

    භූ කම්පනයයෙන් බැංකු ගොඩනැගිල්ලක් කඩා වැටී තිබුණු අයුරු

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඡායාරූප ශීර්ෂ වැකිය, භූ කම්පනයයෙන් බැංකු ගොඩනැගිල්ලක් කඩා වැටී තිබුණු අයුරු
    කඩා වැටුණු ගොඩනැගිල්ලක් අසල ගලවා ගැනීමේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් රාජකාරියේ නිරත අයුරු

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඡායාරූප ශීර්ෂ වැකිය, කඩා වැටුණු ගොඩනැගිල්ලක් අසල ගලවා ගැනීමේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් රාජකාරියේ නිරත අයුරු
  3. පළමු භූ කම්පනය සිදුවී තත්පර 39කින් සිදුවූ දෙවන භූ කම්පනය

    මැග්නිටියුඩ් 7.2ක ප්‍රබලත්වයක් සටහන් වූ පළමු භූ කම්පනය එරට වේලාවෙන් බදාදා සවස 6:04ට පමණ සිදුව ඇති අතර ඉන් තත්පර 39කට පමණ පසු මැග්නිටියුඩ් 7.5ක ප්‍රබලත්වයකින් යුත් දෙවන භූ කම්පනය සිදුව තිබෙනවා.

    ඇසින් දුටුවන් පවසන පරිදි, පළමු භූ භූමිකම්පනය අසල්වැසි කොලොම්බියා දක්වා දැනී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

    එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම භූමිකම්පාව මොන්ටල්බාන් ප්‍රදේශයේ, කිලෝමීටර් 13.2ක ගැඹුරකදී සිදුව තිබෙනවා.

    ඒත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණු නමුත් පසුව එම නිවේදන ඉවත් කෙරුණා. දෙවන භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය යුමාරේ නගරයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 23ක් පමණ දුරින් පිහිටා තිබූ අතර, එය කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් සිදුව තිබෙනවා.

    වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියොස්ඩාඩෝ කැබෙයියෝ රාජ්‍ය රූපවාහිනිය වෙත පැවසුවේ වෙනිසියුලානු ප්‍රාන්ත ගණනාවකට භූමිකම්පාවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

  4. ආයුබෝවන්!

    වෙනිසුලාවේ අගනුවර වන කරාකස්හි එරට වේලාවෙන් බදාදා සවස සිදුවූ භූ කම්පන දෙකකින් එහි ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. මෙම සජීව පිටුව ඔස්සේ ඒ පිළිබඳ නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා.