කාන්තා ක්‍රිකට් : 'උතුරෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එන පළමු ක්‍රීඩිකාව වීමයි මගේ ආශාව'
කාන්තා ක්‍රිකට් : 'උතුරෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එන පළමු ක්‍රීඩිකාව වීමයි මගේ ආශාව'
Published
උතුරු පළාතෙන් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්වන පළමු ක්‍රීඩිකාව වීම සිහිනය බව මන්නාරම, පේසාලේ පදිංචි සතීෂ්කුමාර් සජින්දිනි පවසන්නීය.
පේසාලේ, ෆැටීමා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන ඇය ජාතික සුපර් ලීග් තරගාවලියට මන්නාරම දිස්ත්‍රිකයෙන් සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව වූවාය.
''පොඩි කාලේ, අට වසරේ ඉඳලා ක්‍රීඩා කරන්න එනකොට අම්මා තාත්තා මට කිසිම තහනමක් දැම්මේ නෑ. සමහර අය කියනවා ගැහැනු දරුවොනේ, ක්‍රීඩාවට යන්න එපා කියලා. ඒත් අම්මා එහෙම නෑ. මට නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාව දීලා තියෙනවා. මගේ ආශාව තමයි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන උතුරු පළාතේ පළවෙනි ක්‍රීඩිකාව වෙන එක.'' යනුවෙන් සතීෂ්කුමාර් සජින්දිනි BBC සිංහල සේවයට පැවසුවාය.






