ඉරාන යුද්ධයෙන් ස්නැක් ආවරණ කළු සහ සුදු පැහැයට හැරේ
ඉරාන යුද්ධයෙන් ස්නැක් ආවරණ කළු සහ සුදු පැහැයට හැරේ
Published
ඉරාන යුද්ධය හේතුවෙන් තීන්ත සැපයුමට බාධා එල්ල වීම නිසා සිය නිෂ්පාදන කිහිපයක ඇසුරුම් සඳහා තාවකාලිකව කළු සහ සුදු වර්ණ භාවිත කිරීමට ජපාන් 'ස්නැක් නිෂ්පාදන' දැවැන්තයෙකු වන කැල්බී තීරණය කර තිබේ. ක්‍රිප්ස් සහ ප්‍රෝන් ක්‍රැකර්ස් (Prawn crackers) ඇතුළු නිෂ්පාදන 14ක නව ඇසුරුම්වලින් මැයි 25 වන දා සිට ජපානයේ වෙළෙඳසල් වෙත නිකුත් කරන බව එම සමාගම පවසයි.
වර්ණ තීන්ත භාවිතයට වඩා කළු සහ සුදු පැහැයෙන් මුද්‍රණය කිරීම ලාභදායී වුව ද, ඇතැම්වි ශ්ලේෂකයින් පවසන්නේ, මෙය අලෙවිකරණ උපක්‍රමයක් විය හැකි බව ය. ඇමෙරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමත් සමග ඉන්ධන සැපයුම අඩාළ වීම නිසා මෙවැනි එදිනෙදා පාරිභෝගික භාණ්ඩවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.



