හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට වසර හතක සිර දඬුවමක්
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට වසර හතක සිර දඬුවමක්
Published
අල්ලස් කොමිසම ගොනු කළ චෝදනා දෙකකට වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අද (සැප්තැම්බර් 01) කොළඹ මහාධිකරණය එකවර ගෙවී යන පරිදි වසර හත බැගින් වූ සිර දඬුවම් දෙකක් නියම කෙරුණා.
2014 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීමට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබේ.



