ගංවතුරට යට නොවූ මිනිසත්කම : සමාජ මාධ්‍ය මෙහෙවරක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ආහාර පරිත්‍යාගය
Published

ජල ගැලීම්වලින් පීඩාවට පත්වුවන්හට පිසූ ආහාර සැපයීම සඳහා උපකාරවන ලෙස කෙරුණු ඉල්ලීමට මහජනතාවගෙන් සැළකිය යුතු ප්‍රතිචාරයක් ලැබිණ.

අඟහරුවාදා (මැයි 30) උදැසන සේවාස්ථාන මෙන්ම වෙනත් කටයුතු සඳහා යන දුම්රිය මගීන්, අදාළ ඉල්ලීම පරිදි සැකසූ, එසේත් නැතිනම් සිය පරිභෝජනය සඳහා රැගෙන ආ ආහාරවේල පරිත්‍යාග කරන අයුරු මරදාන දුම්රියපොළේදී බීබීසී කැමරා ඇසට හසුවිණි.

මේ සද්කාර්යය සඳහා තමන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල භාවිතකරමින් විසුරුවා හළ ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාර හිමිවූ බව ඒ සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ ක්‍රියාකාරීහු පැවසුහ.