හම්බන්තොට වරාය: තවම ගිවිසුමක් නැහැ -ජනපති

වීඩියෝ ශීර්ෂ වැකිය, හම්බන්තොට වරාය: තවම ගිවිසුමක් නැහැ -ජනපති
Published

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරයට අදාළ ගිවිසුමක් සම්බන්ධයෙන් බොහෝදෙනා කතාකළත් තවමත් එවැනි ගිවිසුමක් අවසන් වශයෙන් සකස් වී නොමැතිබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එවැනි තත්වයක් පවතිද්දී මේ මස හත්වෙනි දින ගිවිසුම අත්සන් තැබෙන බවට අසත්‍ය ප්‍රචාර පළවෙමින් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේ අත්සන් කිරීමට ගිවිසුමක් සකස් කොට නොමැති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

සිය ආණ්ඩුව වෙනත් රාජ්‍යයන් සමඟ එකඟතා ඇතිකර ගනුලබන්නේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මව්බිමේ ගරුත්වයට හානි නොවන මට්ටමින් බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

තම ආණ්ඩුව තුළ රහස් නොමැති බවත් ජනාධිපතිවරයා පවසයි.