ඖෂධීය වටිනාකම විද්‍යාත්මකව තහවුරු කළ දේශීය සහල් ගැන ඔබ දන්නවා ද?

Published

ඖෂධීය වටිනාකම විද්‍යාත්මකව තහවුරු කළ දේශීය සහල් වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව, පිළිකා සහ ඉදිමෙන රෝග පාලනය කර ගත හැකි අතර ආර්ථික වශයෙන් ද රටට විශාල ප්‍රතිලාභයක් අත්කර ගත හැකි බව කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර පවසයි.

දේශීය සහල් වර්ග 25ක් භාවිත කර වසර දහයකට වැඩි කාලයක් සිදු කෙරුණු පර්යේෂණවල ප්‍රතිපල පදනම් කරගෙන සුදු හීනටි, ගොඩ හීනටි, දික් වී සහ මසුරන් යන සහල් වර්ග වල ඖෂධීය වටිනාකම පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ද නිකුත් කෙරිණි.

සම්ප්‍රදායික දැනුම විද්‍යාත්මකව තහවුරු කළ මේ පර්යේෂණ ප්‍රතිපල වලින් රටක් ලෙස නිසි ප්‍රයෝජන ගන්නා බව පෙනෙන්නට නැතැයි ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර BBC සිංහල සේවයට පැවසුවේය.