ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියානු නෙට්බෝල් ශුරතාවය : ''ඊළඟ සිහිනය ලෝක කුසලානයයි''
Published
2023 දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි පැවැත්වෙන ලෝක ශුරතා නෙට්බෝල් තරගය ජයග්‍රහණය කිරීම තම ඊළඟ අපේක්ෂාව බව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයාංජලී අමරවංශ පැවසුවාය.
හයවෙනි වරටත් ආසියානු නෙට්බෝල් ශුරතාවය දිනාගත් කණ්ඩායම සඳුදා (සැප්තැම්බර් 12) රාත්‍රියේ දිවයිනට පැමිණියහ.
කණ්ඩායමේ තේරීම් කමිටුව ආසියානු කුසලානයට දින තුනකට පෙර කණ්ඩායමේ කළ වෙනස්කමක් නිසා තමන් පත්වූ අපහසුතාවය පිළිබඳව ද මෙහිදී ජාතික පුහුණුකාරිනිය විසින් විස්තර කළාය.