දේශගුණ විපර්යාස ; හරිතාගාර වායු විමෝචනය අඩු කරන්න ගවයින්ට වැසිකිළි යෑමට පුහුණු කෙරේ

Published

හරිතාගාර වායු විමෝචනය වැළැක්වීම සම්බන්ධ පර්යේෂණයක අදියරක් වශයෙන් ගවයින්ට වැසිකිළි භාවිත කිරීමට පුහුණු කරන ලදි.

එම වැසිකිළියෙන් මුත්‍රා එකතුකොට පිරිපහදු කිරීමට ජර්මනියේ පර්යේෂකයන්ට අවස්තාව සැලසිණ.

ලොව පුරා මිනිස් ක්‍රියාකාරකම්වලින් නිකුත්වන හරිතාගාර වායුවලින් 10% පමණ නිකුත්වන්නේ ගවයන්ගෙනි.