ජාත්‍යන්තර අයිස් නිර්මාණ තරග ජයගත් ශ්‍රී ලාංකික මූර්ති ශිල්පියා

Published

කුරුණෑගල ඉපිද හැදී වැඩුණු අසංගගේ සිත කුඩා කළ සිටම යොමු වී ඇත්තේ මූර්ති නිර්මාණකරණයටය. පාසල් කාලයෙන් පසු ආහාර ආශ්‍රිත මූර්ති කලාවේ නියැළුන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල්වල රැකියාවේ නිරත වී තිබේ.

"මම මුලදී විවිධ ආහාරවලින් මූර්ති නිර්මාණ කරන්න ගත්තා. ලංකාවේ රැකියාව කළාට පස්සේ විශාල මගී නෞකාවල, ඊට පස්සේ මැද පෙරදිග ඇතුළු රටවල් කීපයක ඒ අංශයෙන් රැකියාවේ නිරත වුණා. පසුව සම්ප්‍රදායෙන් ඔබ්බට හිතන්න පටන් ගත්තා. අයිස්වලින් නිර්මාණ කිරීම ආරම්භ කළා."

"මට මූර්ති ශිල්පයට ගුරුවරයෙක් හිටියේ නැහැ."

කැමරාකරණය හා වාර්තාව: දැහැමි රණවීර

වීඩියෝ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර