ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි මිනිස් ගැටුම: රියදුරන්ට නොපෙනෙන අඹන්පොළදී පාර මාරුවෙන අලි
Published
අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සහ අඹන්පොළ අතර පිහිටි ගැටදිවුල ප්‍රදේශයෙන් අලි පාර හරහා ගමන් කරන විට ඇතැම් රියදුරන් නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරන බව ප්‍රදේශවාසීහු පවසති.
මාර්තු 27 වැනිදා ද එවැනි සිදුවීමක් වාර්තා විය. මාර්ගය හරහා අලි ගමන් කරන බවට රියදුරන් දැනුවත් කිරීමට යෑමේදී තමන් ද ජීවිත අවදානමකට ලක්ව ඇති බව ගැටදිවුල ප්‍රදේශවාසීහු බීබීසී සිංහල සේවයට කියා සිටියහ.
එම ස්ථානය අවට විදුලි ආලෝකය නොමැති අතර අලි පාර මාරුවෙන ස්ථානයක් බව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන අය දැනුවත් කිරීම සඳහා පුවරුවක් ද සවිකර නොමැත.