ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මියැදෙන සද්දන්තයා
Published
මහවැලි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් ගල්ලෑල්ල ප්‍රදේශයේ වන අලියෙක් කසල ආහාරයට ගැනීම හේතුවෙන් එම කසල තුළ වූ පොලිතීන් විෂ වී බරපතළ ලෙස රෝගාතුරව පසුවෙයි.
වයස අවුරුදු 25 ක් වන උස අඩි අට හමාරක් පමණ වන මෙම අලියාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ප්‍රතිකාර කරමින් සිටින නමුත් අලියාගේ තත්වය අසාධ්‍ය බව වෛද්‍යවරු පවසති.
මේ වනවිට කුස තුළින් පොලිතීන් විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇති නමුත් අලියාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙන බවක් පෙනෙන්නට නැත.