සහල් මිල ගැන මුදල් ඇමති

Published

සහල් මිල සංශෝධනය කිරීමෙන් පාරිභෝගිකයාට ලැබිය යුතු වාසිය තවමත් ලැබී නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

සඟවා ඇති සහල් තොග වෙළඳපොලට නිකුත්කොට සහල් මිල අඩුකිරීමට වහා කටයුතුකරන ලෙස වෙළෙඳුන්ගෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය හමුවක දී කරුණු දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"සිකුරාදා ජනාධිපති, අගමැති මේක රුපියල දහයකිනුත් අඩු කළා. නමුත් ඒ අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ගිහිං නෑ කියන ඒක මට ප්‍රකාශ කරන්න කිව්ව" යනුවෙන් ඔහු පැවසීය.

පසුගියදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විගණකාධිපතිවරයාට එල්ලකරන ලද චෝදනාවකට පිලිතුරු වශයෙන් පෙරළා විගණකාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට කරනු ලබන චෝදනාව පිළිබඳ විමසු විට රවී කරුණානායක අමාත්‍යවරයා පැවසුවේ එම ගැටලුවට පිළිතුරු දීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවය.